ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳනවා - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

    මාර්තු 03, 2015
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්නය තමන් සම්පූර්ණයෙන්ම විසඳා දෙන බවත් ඒ අනුව දිස්ත්‍රික්කයේ නිවාස නොමැතිව සිටින 11,000ට සහ අසම්පූර්ණ නිවාස සහිත 15,000ට මූල්‍යාධාර ලබා දී නිවාස ප්‍රශ්නය විසඳීමට මූල්‍ය ශක්තිය ලබා දෙන බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
     
    අප්‍රේල් මාසයේ සිට සමෘද්ධි මුද්දරය සියයට දෙසියයකින් වැඩි කිරීමට රජය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් තව මාස 6කින් පමණ මුද්දරය කැපීමෙන් මුද්දර නොලැබීමෙන් අසාධාරණයට ලක්වුණු සියල්ලන්ටම නැවත මුද්දර ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) වලස්මුල්ල, හඳුගල ශ්‍රී විජයාරාම විහාරස්ථ අභිනව චෛත්‍ය රාජයාගේ මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා එම විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
     
     
    මෙම අවස්ථාවේ දී චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු සඳහා අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 2ක පෞද්ගලික ධන පරිත්‍යාගයක් සිදුකරන ලදී.
     
     
    බුදුන් වහන්සේ එදා දේශනා කළ ධර්මය අද සුළු කොට්ඨාසයක් විකෘති කර ඇති බවත් දේශාභිමානයේ නාමයෙන් දේශහිතෛශී නාමයෙන් ආගම් බේදය, ජාති බේදය රට පුරා වපුරා ඇති බවත් අපි හැමෝම එක්සේසත් කරන්නට බලාපොරොත්තු වන මේ දේශය කෑලි කෑලිවලට කඩන්නට මේ සුළු කොට්ඨාසය බීජ වපුරවමින් තිබෙන බවත් අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී පැමිණ සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේය.
     
     
    රට බෙදා තමන් රජවීම දේශය ගොඩනැගීමක් නොවන බවත් මෛත්‍රී පාලනයක් තුළ එවැන්නක් සිදු නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දෙමළ ජාතික සන්ධානය සහය ලබා දුන්නේ ඔවුන්ට වෙනම රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට බව පසුගිය කාලයේ රටපුරා පැතිර ගිය බවත් එය සත්‍යය නොවන අතර ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඔවුන් පිළිගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya