ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළියේ ලේඛක සමාජ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    මාර්තු 03, 2015

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලේඛක සමාජ පිහිටු වීම සහ එම සංවිධාන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් මේ යටතේ සාහිත්‍ය බල මණ්ඩල යාවත්කාලීන කිරීමට නියමිත බව දිස්ත්‍රික් සංස්කෘතික කටයුතු ඒකකය දන්වා සිටි බවත් නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සාහිත්‍ය හා ලේඛන කලාවන් හි නිරතවන නිර්මාණකරුවන් රැසක් හඳුනාගැනීමට අවස්ථාව ලැබී තිබේ.

    නව රජයේ දින 100 වැඩසටහන යටතේ මෙම සංවිධාන පිහිටුවීමට යෝජිත අතර මේ සඳහා තොරතුරු එක් රැස් කිරීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මේ දිනවල දිස්ත්‍රික් සංස්කෘතික කටයුතු ඒකකය විසින් සිදු කරනු ලබයි.

     

    ඒ අනුව අප්‍රේල් මස 10 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වීමට නියමිතය. නව නිර්මාණකරුවන් හඳුනා ගැනීම සහ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ වෙනුවෙන් අත හිත ලබා දීම මෙහි මූලිකම අරමුණයි.

     

    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ සංස්තෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන මෙහෙය වන අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම් අමරසේකර මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

     

    kpm_dmu_SH_Nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya