ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    "මිහිඳු සෙත් මැදුර" ට ලක්ෂ 05 ක මුල්‍ය පරිත්‍යාගයක්

    මාර්තු 06, 2015
    යුද්ධයේ දී පූර්ණ ආබාධිත තත්ත්වයට පත් රණ විරුවන් ජීවිත කාලයේදී ම රැක බලා ගැනීම සඳහා අත්තිඩියේ ඉදිකරනු ලැබූ මිහිදු සෙත් මැදුරේ ආයුර්වේද ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ කාන්තා සංසදය විසින් රුපියල්  ලක්ෂ 5 ක මුදලක් පසුගිය දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.
     
    මෙම පරිත්‍යාගය ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ කාන්තා සංසදයේ සභාපතිනිය වන ප්‍රියානි පියසේන මහත්මිය විසින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙත භාරදෙනු ලැබීය.
     
    කාන්තා නියෝජිතයන් හමුවේ අදහස් දක්වමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසුවේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් යුද්ධයේ දී ආබාධිත තත්ත්වයට පත් වූ රණ විරුවන් පිළිබඳ ව නිරන්තර අවධානය තමන් යොමුකරන බවයි. රණ විරුවන් වෙනුවෙන් මෙවැනි පරිත්‍යාගයන් සිදුකිරීම පිළිබඳ ව තම ගෞරවය පිරිනමන බව ද ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයන්ගේ කාන්තා සංසදයේ නියෝජිතයන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ. පී. ජී. කිත්සිරි මහතා ඇතුළු ව ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ කාන්තා සංසදයේ නියෝජිතවරියන් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya