ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    තවත් අසරණ පවුල් 33ක් සඳහා "ජනසෙවණ" නිවාස ආධාර

    මැයි 05, 2014
    නිවසක් අලුතින් තනාගැනීමට හෝ නිවසක් අලුත්වැඩියා කරගැනීමට කිසිදු ආකාරයකින් හැකියාවක් නොමැති දිවයිනේ තවත් අසරණ පවුල් 33ක් වෙත රුපියල් විසිහය ලක්ෂ විසි පන්දහසක නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යංශයේදී සිදුකෙරිණ.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ජනසෙවණ නිවාස දස ලක්ෂයේ  ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවාස ආධාර පිරිනමන ලදී. 
     
    මේ යටතේ මහරගම, කඩුවෙල, ගාල්ල, හෝමාගම, පිළියන්දල, කළුතර, කෑගල්ල, මොරටුව, දෙහිවල යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී අසරණ පවුල් 33ක් සඳහා නිවාස මූල්‍යාධාර ප්‍රදානය කෙරිණ. මේ සඳහා මූල්‍යාධාර ලබාදෙන ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ "සෙවණ" අරමුදල මගිනි.
     
    ජීවත්වීමට සුදුසු නිවාස නොමැති මෙම පවුල් වෙත නිවාස ඉදිකරගැනීමට සහ අලුත්වැඩියා කරගැනීම සඳහා උපකාරීවීම සම්බන්ධයෙන් මෙහිදී මෙම පවුල්වල සාමාජිකයෝ ජනාධිපතිතුමාටත් විමල් වීරවංශ අමාත්‍යතුමාටත් සිය ස්තූතිය පළ කර සිටියහ.
     
    මෙම අවස්ථාවට කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරිහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    JANASEWANA 1
     
     
     
    JANASEWANA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya