ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    චීනය සමඟ සහයෝගිතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සුදානම්

    මාර්තු 06, 2015

    චීනය සමඟ සම්බන්ධතා හා සහයෝගිතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.


    අග්‍රාමාත්‍යවරයා ඊයේ (05) මේ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ නව චීන තානාපති යී ෂියැන් ලියැන් මහතා හමු වූ අවස්ථාවේදී ය.


    ශ්‍රී ලංකා රජය චීනය සමඟ සම්බන්ධතා සංවර්ධනය කිරීම වැදගත් කොට සලකන බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ ය. දෙරටේ දේශපාලනආර්ථික හා වෙළඳ,ආයෝජන සහ ආරක්ෂක යනාද ක්ෂේත්‍රවල හුවමාරු හා සහයොගීතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසු වන බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය.


    චීන-ශ්‍රී ලංකා ක්‍රමෝපායීය සහයෝගිතා හවුල්කාරි සම්බන්ධතාව සංවර්ධනය කිරීමට චීනය සූදානම් බව යී ෂියැන් ලියැන් මහතා එම හමුවේදී ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය බලාපොරොත්තු වන බව ද හෙතෙම තවදුරටත් පැවසීය.


    යී ෂියැන් ලියැන් මහතා අග්‍රාමාත්‍යවරයා සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සහයෝගිතා විශේෂයෙන් ම මහා පරිමාණ ව්‍යාපෘති සහයෝගිතා පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

     

    kpm/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya