ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කාන්තා ඇමතිනී ජගත් මණ්ඩල මහ වනිතාව හමුවෙයි

    මාර්තු 19, 2015
    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝර්ක් නුවර මූලස්ථානයේ දී කාන්තා ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය එහි නියෝජ්‍ය මහ ලේකම් හා එක්සත් ජාතීන්ගේ කාන්තා කටයුතු පිළිබඳ විධායක අධ්‍යක්ෂිකා පුම්සිලේ ම්ලම්බෝ මහත්මිය හමුවී සාකච්ඡා කළාය.
     
    දකුණු අප්‍රිකාව් උප ජනාධිපතිනිය වූ ඇය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ඇමතිනිය සමඟ සාකච්ඡා කරමින් රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ කරගෙන යන කාන්තා වැඩපිළිවෙළ ගැන ඇය දැනුවත් කළාය.
     
    උතුරු නැගෙනහිර කාන්තාවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගෙන ඇති විසඳුම් ද කාන්තා කාර්යාංශය හා ඒකාබද්ධව පොලිස් ඒකක පිහිටුවීම හා ශ්‍රී ලාංකික කාන්තාවන් දේශපාලන කටයුතුවලට වැඩි වැඩියෙන් සහභාගි කරගැනීමේ ඉඩකඩ ගැන ද දෙදෙනා විසින් සාකච්ඡා කරන ලදී. කාන්තා හිංසනය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති වැඩපිළිවෙළ ගැන ද "ඔහුට ඇය" ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කඩිනමින් ක්‍රියාත්මක කිරීම හා මානසික මනෝවිද්‍යා වැඩපිළිවෙළ පවත්වාගෙන යාම ගැන ද සාකච්ඡා කෙරිණි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya