ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියට එක්වීමට ඇරයුමක්

    මාර්තු 25, 2015
    බුඩාපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියට (Budapest Cybercrime Convention) එකතුවීමට ශ්‍රී ලංකාවට ඇරයුමක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.
     
    ඒ අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්‍ෂණයේ නව පියවරක් තබමින් මෙම සම්මුතිය සඳහා දකුණු ආසියා කලාපයෙන් මුල් වරට එක්වීමට සූදානම් වන රට බවට පත්වේ.
     
    මෙරට විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට, යුරෝපා කවුන්සිල මහලේකම්වරයා විසින් මෙම සම්මුතියට එක්වීම සඳහා වූ ආරාධනය ලිපියක් ඔස්සේ දැනුම් දී ඇත.
     
    "බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය" යුරෝපා කවුන්සිලයේ සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය ලෙසින් ද හැදින්වේ. එසේම සයිබර් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකව ඇති එකම සම්මුතිය වෙන්නේ ද බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය යි.
     
    ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ලැබූ දැවැන්ත පිම්මක් ලෙසින් මෙම අවස්ථාව සැලකිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක් මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නීය. අන්තර් ජාතික රටවල් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දරණ ආකල්පය මේ තුළින් පෙනී යන බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    මෙම සම්මුතියට  ශ්‍රී ලංකාව එක්වීමෙන් සයිබර් අපරාධ සම්බ‍න්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර වශයෙන් විශාල පහසුවක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂක නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
     
    කෙසේ නමුත් මෙම සම්මුතියට එක් වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තවත් භාරදූර කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය, විදේශ කටයුතු අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය එම කටයුතු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya