2016 වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂයේජනාධිපති ධුර අපේක්‍ෂකත්වය දිනා ගැනීම සඳහා ඉදිරිපත් වෙන බව පසුගියදා (11) නිවේදනය කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
මෙම ජනාධිපතිවරණයෙන් ඇය ජයග්‍රහණය කළහොත් ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ එම පදවියට පත් පළමු කාන්තාව හැටියට හිලරි ඉතිහාසගත වන්නීය.
හිලරි ක්ලින්ටන්ගේ 2008 ජනාධිපතිවරණයේදීත් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිධුර අපේක්‍ෂකත්වය ලබා ගැනීමේ උත්සාහයක නිරත වූ නමුත් බරක් ඔබාමාට පරාජයටපත් වූවාය.
ඇමරිකානුවන්ට හැමදාම ජයග්‍රහකයෙකු අවශ්‍ය බවත් තමාට එම ජයග්‍රාහකයා වීමට අවශ්‍ය බවත් හිලරි විසින් ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍ය වෙත පවසා ඇත.
SDF