ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලෝක පැසිස්ට් විරෝධී යුද්ධයේ දී චීනය ඉටු කළ කාර්යය පිළිබඳ ව චීන පුවත්පත් ලිපියක්

    අගෝස්තු 07, 2015

    ලෝක පැසිස්ට් විරෝධී යුද්ධයේ දී චීනය දායකවූ ස්ථාවරය හා ඉටු කළ කාර්යය භාරය නමැති ලිපයක් ඊයේ (05) චීනයේ Guangming පුවත්පතේ පළ කෙරිණ.


    ලෝක පැසිස්ට් විරෝධී යුද්ධයේ රටවල් හතරෙන් චීනය එක් රටක් බව එම ලිපියේ සඳහන් වෙයි. චීන යුද බිම ආසියා ප්‍රධාන පැසිස්ට් විරෝධී යුද බිම මෙන්ම ලෝක පැසිස්ට් විරෝධී යුද බිමක් බවත් එම ලිපිය පෙන්වා දෙයි. එහෙත් ලෝක පැසිස්ට් විරෝධී යුධ ජයග්‍රහණයෙන් පසු වසර 70ක කාලය තුළ ශීත යුද්ධයේ බලපෑම් හේතුවෙන් චීනයේ දායකත්වය හා ඉටු කළ කාර්යය පිළිබඳ ව බටහිර රටවල් අගය නොකළ බව Guangming පුවත්පත සඳහන් කරයි.

     

    දෙවන ලෝක යුධ සමයේ දුර්වල රටක් වුවද චීනය ජපාන පැසිස්ට්වාදයට එරෙහිව සටන් කර ඇත. එය ලොව ප්‍රථම පැසිස්ට් විරෝධී යුධ බිම බවට පත් වීමෙන් ලෝක පැසිස්ට් විරෝධී සන්ධානය ස්ථාපිත කිරීමට මූලාරම්භයක් විය.

     

    අමෙරිකාව, බ්‍රිතාන්‍ය, සෝවියට් සමූහාණ්ඩුව  සමඟ එක්ව චීනය ලෝක පැසිස්ට් විරෝධී රටක් ලෙසට සැලකිය යුතු බව ඵෙතිහාසික පසුබිම මගින් තහවුරු කර තිබේ. ලෝක පැසිස්ට් විරෝධී යුධ ජයග්‍රහණය රැක ගනිමින් දැනට ලෝක සාමය, සංවර්ධනය හා සහයෝගීතාව ආරක්ෂා කිරීම උදෙසා චීනය හා ඒ ඒ රටවල් පොදු වගකීම් දැරිය යුතු බව එම ලිපිය මගින් අවධාරණය කෙරේ.

     

    CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya