ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මියන්මාරයට බලපෑ ගංවතුරෙන් මිලියනයක් පමණ ජනතාව අවතැන් වෙයි

    අගෝස්තු 10, 2015

    ජුනි මාසයේ සිට මියන්මාරය (බුරුමය) පුරා පැතිර පවතින ගංවතුර හේතුවෙන් මිලියනයකට ආසන්න ජනතාවක් පීඩාවට පත් වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

     

    මියන්මාර රජය පෙන්වා දෙන්නේ 100කට අධික ජනතාව මිය ගොස් ඇති අතර කුඹුරු අක්කර මිලියන 1.2ක් පමණ විනාශ වී ඇති බවයි.

     

    සමහර ප්‍රදේශවල පාසල් යළි විවෘත කර ඇති නමුත්, ඉරාවඩි (Irrawaddy) ඩෙල්ටා කලාපයේ ජීවත් වන ජනතාවට තවදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

     

    මියන්මාරය බොහෝදුරට මෝසම් කාලය තුළදී ජල ගැලීම්වලට ලක්වන නමුත් මේ දශකයේ දී ඔවුන් අත්දුටු ඉතා අයහපත්ම කාලගුණය මෙය වේ.

     

    මියන්මයේ රාජ්‍ය පුවත්පතක් පවසන පරිදි නැවතත් මියන්මාරයට නව ආලෝකයක් උදා වෙමින් පවතින අතර Irrawaddy හා Ngawun ගංගාවල ජල මට්ටම ඉරිදා දිනයේ (09) තරමක් පහළ වැටී ඇති බවත්, නමුත් එම ගංගා ඉවුරුවල ජීවත්වෙන ජීවිත තවමත් අවදානමක පවතින බව තවදුරටත් සඳහන් කර ඇත.

     

    පහත් බිම් ඩෙල්ටා ප්‍රදේශවල පදිංචිකරුවන්ට උස් බිම් ප්‍රදේශ කරා ගමන් කරන මෙන් නිවේදන නිකුත් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya