ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    චීන මහ බැංකුව නව මුදල් නෝට්ටුවක් නිකුත් කරයි

    අගෝස්තු 11, 2015

    මෙම වසරේ නොවැම්බර් 12 වැනිදා සිට නව යුවාන් 100 බැංකු නෝට්ටුවක් නිකුත් කරන බව චීන මහජන බැංකුව (PBOC), මහ බැංකුව විසින් නිවේදනය කළේ ය.

    යන්ත්‍ර කියවීම සඳහා පහසුවක් දක්වන මෙම නව බැංකු නෝට්ටුව ව්‍යාජ නෝට්ටු මුද්‍රණයට අසීරු වේ. 1999 දී PBOC විසින් පස්වැනි බැංකු නෝට්ටු කට්ටලයක කොටසක් හඳුන්වා දුන් පසු, එය අවසන් වරට 2005 වසරේ දී වෙනස් කරන ලදී.

     

    නව නෝට්ටුවේ සැලසුම් බොහෝ දුරට 2005 දී නිකුත් කළ නෝට්ටු මාලාව හා සමාන වන නමුත් ආරක්ෂණ සලකුණු වැඩි ගණනක් ඔබ්බවන බව PBOC පවසයි.

     

    යුවාන් 100 චීන මුදල් ඒකකයේ පවතින විශාලතම කාණ්ඩය වේ. යුවාන් 100 නෝට්ටුවේ නව සංස්කරණය මහජනතාව භාවිතයට පුරුදු වන තුරු  පැරණි අනුවාදය රට තුළ රඳා පවත්වන බව PBOC උපුටා දක්වමින් ෂින්හුවා වාර්තා කර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya