ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    චීනය පිපිරීම් පිළිබඳ පරීක්ෂණයට රසායනික විශේෂඥයන් ටියැන්ජින් වෙත යවති

    අගෝස්තු 14, 2015

    අවම වශයෙන් 50 දෙනෙකුට මරු කැඳවමින් චීනයේ ටියැන්ජින් නුවර ඇති වූ පිපිරීම්වලින් පසුව, නගරයට හමුදා රසායනික විශේෂඥයන් කණ්ඩායමක් ටියැන්ජින් වෙත යවා තිබේයැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

    නව මෝටර් රථ දහස් ගණනක්, ගොඩනැගිලි, නැව්ගත කිරීමේ බහාලුම් විනාශ කරමින් ටියැන්ජින් නුවර කාර්මික වරාය ප්‍රදේශය පුරා බදාදා රාත්‍රියේ මෙම පිපිරීම් සිදුව ඇත.

     

    පිපිරීම් ඇති වීමට හේතුව රසායන ද්‍රව්‍ය කාන්දුවීමක් ද යන්න තවමත් හඳුනාගෙන නැත. 3,500ක් පමණ වූ අවට පදිංචිකරුවන් තාවකාලික නිවාසවල රාත්‍රීන් ගත කර ඇත. සිය ගණනක් තුවාල ලබා ඇති අතර ඉන් 71ක් බරපතල තත්ත්වයේ පසුවේ.

     

    200කට අධික රසායනික ද්‍රව්‍ය පිළිබඳ චීන යුද හමුදා විශේෂඥයන් ටියැන්ජින් වෙත පැමිණ තිබේ. ඔවුන්ගේ ප්‍රථම කාර්යය වන්නේ පැතිර පවතින වායුවල විෂ තත්වය පරික්ෂා කිරීම බව ෂින්හුවා පුවත් සේවය ප්‍රකාශ කරයි.

     

    මුදවාගැනීමේ කණ්ඩායම් ආරක්ෂාකාරී ඇඳුම් ඇඳීමට නියෝග කර තිබෙන බවද එය වැඩිදුරටත් සඳහන් කර ඇත.

     

    වාර්තා අනුව, පුපුරා ගිය ගබඩාව සෝඩියම් සයනයිඩ් හා ටොලුයින් ඩිසොසයනේට් ඇතුළු විෂ සහිත රසායනික ද්‍රව්‍ය හසුරුවන රුයිහැයි ලොජිස්ටික්ස් (Ruihai Logistics) නැමැති සමාගම, සතු වේ.

     

    ගලවා ගැනීමේ හමුදාව ගබඩාවල පවතින සියලු සෝඩියම් සයනයිඩ් රසායනික ද්‍රව ටොන් 700ක් පමණ ඉවත් කිරීමට උත්සාහ දරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත, මහජන ඩේලි වාර්තා කරයි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රසායනික විෂහරණය කිරීම සඳහා සකස් කර ඇති එම පුවත්පත පවසයි.

     

    මෙම පිපිරීමෙන් වරායේ විශාල ප්‍රදේශයක් විනාශ වී ඇත. නැව්ගත කිරීමේ බහාලුම් නැවී තැලී පෙරළී සෙල්ලම් ගඩොල් මෙන් එකිනෙක උඩ පෙරළී ඇතැයි බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya