ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යහ පාලනය, වගවීම හා ජාතීන් අතර සංහිඳියාව තවදුරටත් වර්ධනය කරගන්න - එ.ජා.ස. මහ ලේකම්

    අගෝස්තු 19, 2015
    ශී‍්‍ර ලංකා නව රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා  සුබ පැතුම් පිරිනමයි.

     
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ බිහිවන නව ආණ්ඩුවෙන් යහ පාලනය, වගවීම හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ තවදුරටත් ප‍්‍රගතිය වර්ධනය කරගැනීමත්, ඉල්ලා සිටියේ ය.
     

    මහ ලේකම්වරයා අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලු දෙනාගේ විවිධ මත පදනම් කරගනිමින් සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට සහය වූ ශී‍්‍ර ලංකාවේ ජනතාව වෙත සිය සුබපැතුම් එක් කරන බව මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක විසින් නිකුත් කරන ලද ප‍්‍රකාශයේ  සඳහන් වේ.
     

    ආදර්ශමත් සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට හා මැතිවරණ කොමසාරිස්වරයාට ද තම ප‍්‍රසාදය පළ කළේය.
     

    මහ ලේකම්වරයා යහපාලනය, වගවීම හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ තවදුරටත් ප‍්‍රගතිය වර්ධනය කර ගැනීම සඳහා නව රජය දිරිගන්වන බවද සඳහන් කර ඇත.
     

    එම ප‍්‍රකාශයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා  ජනාධිපති, අගමැති, රජය හා ජනතාව සමඟ රට වෙනුවෙන් දිගු කාලීන සාමය සහ සමෘද්ධිය ගොඩනැගීමේ සහාය දෙමින් වැඩ කිරීමටත්, සහයෝගීතාවයන් තවදුරටත් පවත්වාගෙන යාමට  බලාපොරොත්තු වන බව සඳහන් කළේ ය.
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya