ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නිවසේ දූවිලිවල ක්ෂුද්‍ර ජීවීන් දහස් ගණනක් - පර්යේෂණ අධ්‍යනයක් හෙළි කරයි

    අගෝස්තු 26, 2015

    අපගේ නිවාසවල එකතු වන දූවිලි පිළිබඳව සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ එකිනෙකට වෙනස් ක්ෂුද්‍ර ජීවී විශේෂ 9,000ක් පමණ නිවෙස්වල එක්රොක් වන දූවිලිවල අඩංගු බවයි.

    බෝල්ඩර් හි කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස 1200ක ගෘහභාණ්ඩවලින් සොයාගත් දූවිලි විශ්ලේෂණය කරමින් පර්යේෂකයන් පිරිසක් මේ බව හෙළිදරව් කරගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

     

    එම පර්යේෂකයන් සොයා ගත් බැක්ටීරියා සහ දිලීර වර්ග නිවස පිහිටා තිබූ ස්ථානය, නිවසේ වෙසනෙ පුද්ගලයන් සහ වෙසෙන සුරතල් සතුන් අනුව වෙනස් වන බව ද අනාවරණය කර ගෙන ඇත.

     

    ස්වේච්ඡා සේවකයන් විසින් එක්සත් ජනපදයේ නිවෙස් 1200කින් පමණ එකතු කරගත් දූවිලි සාම්පල පර්යේෂකයන් වෙත යවන ලදුව මෙම පර්යේෂණය සිදු කර ඇත.

     

    සාමාන්‍යයෙන් ගෘහභාණ්ඩවල එක්රොක් වූ දූවිලිවල විවිධ වර්ගයේ දිලීර 2,000 කට වඩා ඇති බව මෙම පර්යේෂකයන් සොයාගෙන ඇත. ඉන් බොහෝ දිලීර නිවාසයට භාහිරින් පැමිණෙන බව පර්යේෂකයෝ පවසති. ඇඳුම් පැළදුම්වලින් සහ නිවසේ විවෘතව තබන දොර, ජනේලවලින් මේවා පැමිණෙනු ඇතැයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරති. ඒ අනුව නිවස පිහිටා ඇති ස්ථානය අනුව කුමන වර්ගයේ දිලීර අපගේ නිවාසවල දූවිලි සමඟ එකතු වේදැයි තීරණය වේ.

     

    සාමාන්‍යයෙන් ගෘහයක විවිධ වර්ගයේ බැක්ටීරියා විශේෂ 7000ක් පමණ ඇතැයි පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලදී. මෙහිදී නිවසේ වෙසෙන පුද්ගලයන් සහ සතුන් අනුව කුමන බැක්ටීරියා විශේෂ නිවසට එකතු වේදැයි තීරණය වේ.

     

    මෙම පර්යේෂනයේ දී පිරිමි පමණක් වෙසෙන නිවසක සහ කාන්තාවන් පමණක් වෙසෙන නිවාසකින් එකිනෙකට වෙනස් බැක්ටීරියා සොයාගෙන ඇත.

     

    පිරිමින්ට වඩා කාන්තා සිරුරු මත සමහර වඩාත් පොදු බැක්ටීරියා වර්ග පවතින අතර, ඒවා නිවසේ දූවිලි සමඟ ඇති බැක්ටීරියාවලට බලපෑමක් දක්නට හැකි බව පර්යේෂකයන් ප්‍රකාශ කරයි. සුරතල් සතුන් ද නිවෙසට ක්ෂුද්‍ර ජීවීන් එකතු කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

     

    නිවසට බල්ලෙක් හෝ බළලෙක් ගෙන ඒම ඇත්තෙන්ම නිවස තුළ බැක්ටීරියා මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව මෙම පර්යේෂණය මඟින් හෙළි වී ඇත.

     

    පර්යේෂකයන් දැන් මෙම ක්ෂුද්‍ර ජීවීන් මිනිසාගේ සෞඛ්‍යට බලපෑ හැකි ආකාරය පිළිබඳව විශ්ලේෂණය කරමින් සිටිති.

     

    සමහර ක්ෂුද්‍ර ජීවීන් රෝග සහ අසාත්මිකතා ඇති කිරීමට සම්බන්ධ වීමට ඉඩ ඇති අතර, ඔවුන් බොහෝ විට හානිකර නැතැයි සිතිය හැකි අතර සමහර ක්ෂුද්‍ර ජීවීන් ප්‍රයෝජනවත් විය හැක.


    ජනතාව තමන්ගේ නිවස තුළ ක්ෂුද්‍ර ජීවීන් සිටීම පිළිබඳ කරදර විය යුතු නැති අතර ඔවුන් සියල්ලන් අප වටා පරිසරයේ ජීවත් වන අතර, නිවස අවට පමණක් නොව අපේ සම මත ද වන අතර, මේ බොහෝ ක්ෂුද්‍ර ජීවීන් සම්පූර්ණයෙන්ම හානිකර නැතැයි පර්යේෂකයෝ පවසති.

     

    මේ ක්ෂුද්‍ර ජීවීන් අප ජීවිතය වටා පරිසරය පුරා ජීවත්වීම සත්‍යයක් බව පර්යේෂකයෝ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya