බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය පැවැත්විණි. මෙම තරගාවලිය මලල ක්‍රීඩා ලේකම්, බන්ධනාගාර අධිකාරී/අධ්යක්ෂ (පුහුණු) චන්දන ඒකනායක මහතා විසින් සංවිධාන කරන ලදී.
එහි ජය සංකේත ප්රදානය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කමලිනී ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාපති කමල් පද්මසිරි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.බී.ආර්.පුෂ්පකුමාර, කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, බන්ධනාගාර කොමසාරිස් ලක්ෂමන් අබේගුණවර්ධන, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, සිවිල් ආරකෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු හා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සුනිමල් රූපසිංහ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.