ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් රාජධානියේ දීර්ඝතම රාජ්‍යත්වය දැරූ රාජකීයයා දෙවන එලිසබත් රැජින

    සැප්තැම්බර් 10, 2015

    දෙවන එලිසබත් රැජින එක්සත් රාජධානියේ ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍යයත්වය දැරූ රාජකීයයා බවට පත් වෙමින් විසින් සිය දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.

    දෙවන එලිසබත් රැජින වසර 63ක් හා මාස 7ක කාලයක් සිංහාසනය මත සිටි ඇයගේ මිත්තණියක් වන වික්ටෝරියා රැජින ගේ රාජකීය කාලය පසු කරනු ලැබීය.

     

    අගමැති ඩේවිඩ් කැමරන් ඊයේ පැවසුවේ බ්‍රිතාන්‍ය ජාතිකයන් මිලියන ගණනක් රැජිනගේ මෙම ඓතිහාසික මොහොත සැමරීමට එක් වූ බවයි.

     

    දෙවන එළිසබත් මහරැජිනගේ උපත සිදුවන්නේ 1926 අප්‍රේල් 21වන දින ලන්ඩනයේ දීය. මේ වනවිට 89 වැනි වියෙහි පසුවන එළිසබෙත් රැජින හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවේ.

     

    එළිසබත් මහරැජිනට බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමිවූයේ 1953 ජුනි මාසයේදීය. එවකට ඇයගේ වයස අවුරුදු විසිහයක්‌ විය. සිය පියා වන හයවෙනි ජෝර්- රජුගේ හදිසි අභාවය නිසා තරුණ එලිසබත් කුමරිය රජකම භාර ගැනීමට සිදු විය. මහ රැජින පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාවයි.එක්සත් රාජධානියේ සේනාධිනායිකාවයි. එංගලන්ත සභාවේ ප්‍රධානියයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya