ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තරගාවලිය ඇරඹේ

    සැප්තැම්බර් 14, 2015

    අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙහෙයවනු ලබන 31 වැනි සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙල පසුගිය සෙනසුරාදා (12) ආරම්භ විය.

    එහි පළමු අදියර යටතේ කණ්ඩායම් ක‍්‍රීඩා 9 ක් පැවැත්වෙන අතර ඒවායින් ක‍්‍රීඩා අටක් 12වෙනිදා ආරම්භ විය. අර්ධ මැරතන් තරග ඊයේ (13) අනුරාධපුරයේදී පැවැත්විණි. පළමු අදියර යටතේ අර්ධ මැරතන්, බැඞ්මින්ටන්, බොක්සිං, කබඩි, එල්ලේ, හොකී, මල්ලවපොර, දැල්පන්දු සහ කරාටේ යන ක‍්‍රීඩා පැවැත්වේ.

     

    මෙවර තරගාවලිය සඳහා පාසල් 294 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් 2,780 ක් ද පාසල් 246 කින් ක‍්‍රීඩිකාවන් 3,015 ක් ද සහභාගි වෙති. මෙවර ක‍්‍රීඩා උළෙලට නව ක‍්‍රීඩාවක් ලෙස ටයිකොන්ඩෝ ක‍්‍රීඩාව ඇතුළත් කර ඇත.

     

    සමස්ත ලංකා ක‍්‍රීඩා උළෙල අදියර හතරක් යටතේ ක‍්‍රියාත්මක වන අතර ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලිය අවසන් අදියර ලෙස පැවැත්වේ. මලල ක‍්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 8 වැනිදා සිට 12වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

     

    මලල ක‍්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල අග‍්‍රාමත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ද, සමාප්ති උත්සවය ඔක්තෝබර් මස 12වැනිදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ද, පැවැත්වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya