ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    චීන හා ඇමෙරිකා ජනපතිවරු හමු වෙති

    සැප්තැම්බර් 27, 2015

    චීන ජනාධිපති ෂි ජිංපිං මහතා සහ ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වූහ.

    එම හමුව පෙරේදා (25) වොෂිංටන්හිදී පැවැත්විණ.

    ඇමෙරිකාව සමඟ එක් ව දෙරටේ සබඳතාව ඉදිරියට ගෙන යෑමට උත්සාහ දරණ අතර දෙරටේ ජනතාවට හා ලෝක ජනතාවට ඉන් සුබ සෙත සැලසීමට චීනය බලාපොරොත්තු වන බව චීන ජනාධිපති ෂි ජින්පිං මහතා එම හමුවේදී අවධාරණය කළේ ය.

    සාමකාමී සංවර්ධන මාවත ඔස්සේ ඇමෙරිකාව සමඟ අන්න්‍යෝ ගරු කිරීම සහ සහයෝගිතා හා පොදු ජයග්‍රහණය යන නව විශාල රටවල සබඳතාව ගොඩ නැගීමට චීනය සූදානම් බව ද ‍ ෂි ජිංපීං මහතා එහිදී යළි අවධාවරණය කළේ ය.

    චීන ජනාධිපති ෂි ජිංපිං මහතා සමඟ ඵලදායික සාකච්ජාවක් පැවැත්වූ බව ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    ඔවුන් ආර්ථික හා වෙළඳ ආයෝජනය,﹑අන්තර් ජාල ආරක්ෂාව,﹑චීනයේ දකුණු මුහුදු ප්‍රශ්නය,﹑ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සහ දේශගුණ විපර්යාසය යනාදි ප්‍රශ්න පිළිබඳව අවංක යෝජනා හුවමාරු කොට එකඟත්වයට පැමිණ තිබේන බව ජනාධිපති බැරක් ඔබාමා එහිදී සඳහන් කළේ ය. එකම චීනය යන ප්‍රතිපත්ති යළිත් ප්‍රකාශ කරන ඇමෙරිකාව, චීනය ජාත්‍යන්තර කටයුතුවල සංවර්ධනත්මක කාර්යය භාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම එහිදී පැවසීය.

    CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya