ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අඟහරු මතුපිට ද්‍රව ජලය

    සැප්තැම්බර් 29, 2015

    විද්‍යාඥයන් විසින් දිගු කලක් පර්යේෂණ පවත්වමින් සිටි කරුණක් ලෙස අඟහරු මත නොමිදුන ජලය දියර මට්ටමින් පවතින්නේද යන්න හැඳින්විය හැකිය.

    මේ කරුණට නව මං පෙතක් විවෘත කරමින් අඟහරු ලෝකයේ දියරමය ජලය පවතින බවට තහවුරු කළ හැකි නවතම චන්ද්‍රිකා ඡායාරූප ලැබී ඇති බව නාසා ආයතනය පවසයි.

     

    එම ඡායාරූපයට අනුව අඟහරු ග්‍රහයා මතුපිට පවතින අගාධ තුළට නෙරා යන ඉරි වැනි සලකුණු, ලවණමය දියර ගලා යාම නිසා ඇති වුනු සලකුණු බව නාසා විද්‍යාඥයන් පවසයි. ලවණ දිය වීමේදී ඒවා ආගාධ තුළට ගලා යන බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.

     

    මෙම සොයා ගැනීමත් සමඟ එහි අඟහරු මත ජීවය පැවතීමට ඉඩකඩ ඇති බව තව දුරටත් තහවුරු වන බව  වොෂින්ටන් නුවර පැවති නාසා සම්මන්ත්‍රණයකදී ප්‍රකාශයට පත් කළේය.

     

    ‘දියරයක් තිබෙන බව පෙනී යාමෙන් පැහැදිලි වන්නේ දැනට එහි ජීවයක් පැවතීමට ඇති ඉඩකඩයි. අඟහරු භූමියේ ජීවීන් ඇද්දැයි සොයා අනාගත අභ්‍යවකාශගාමීන් විසින් සිදු කරනු ලබන පර්යේෂණ වලට මෙම අලුත් සොයා ගැනීම් මගින් පහසුවක් ලබා දෙනු ඇත’ යැයි නාසා විද්‍යාඥයෝ පවසති.

     

    SDF

    Water in.jpg1

     

    Water in.jpg2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya