ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් ඇගයේ

    සැප්තැම්බර් 30, 2015

    පසුගිය දිනවල සැමෝවාහි පැවති Vවන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල 2015, 48වන ආසියාතික අයෝමය ශුරයා තරගාවලිය සහ 68 වන කායවර්ධන ලෝක ශුරතාවලදී ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා උපහාර සහ ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (30) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

    එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමතා අමාත්‍යවරයා කියා සිටියේ සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණයට ඇගයීමක් සහ වටිනාකමක් ලබාදෙන බවත් සෑම ක්‍රීඩා සංගමයකටම පස් අවුරුදු සැලැස්මක් ඇතිකරන බවත්ය.  

     

    එමෙන්ම ක්‍රීඩාශීලි රටක් බිහිකිරීම වෙනුවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලට අවේණික ක්‍රීඩා දියුණු කිරීමට කටයුතු කර දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රීඩා සංචිත ඇතිකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම් ආර්. බී . දිසානායක, ක්‍රීඩා පුහුණු කරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya