ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඒඩෙක්ස් කී‍්‍රඩා උළෙල ඔක්. 11 දා

    ඔක්තෝබර් 06, 2015

    ජායිපූර් ආයතනයේ කෘතිම පාද, කෘතිම අත සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන්ගේ වාර්ෂික කී‍්‍රඩා උළෙල ‘ඒඩෙක්ස් 2015’ එළඹෙන 11 වැනි ඉරිදා කොළඹ 8, කැම්බල් පෙදෙස වෙස්ලි විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

    වසර 184 ක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ අසරණ සරණ සමිතිය 25 වැනි වරට සංවිධානය කරන මෙම කී‍්‍රඩා උළෙලට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 400 ක් පමණ සහභාගී වීමට නියමිතය.

     

    පෙරවරු 9.00 ට ආරම්භ වන පිරිමි සහ කාන්තා පාපැදි තරගයෙන් කී‍්‍රඩා උත්සවය ආරම්භ කෙරෙන අතර එහිදී මීටර් 100, 200, 400 ධාවන තරග, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම, දුර පැනීම, දුන්නෙන් විදීම සහ රෝද පුටු වැනි ජවන හා පිටිය කී‍්‍රඩා ඉසව් 57 ක් පැවැත්වේ.

     

    මෙම තරගාවලියට සහභාගීවන සියළුම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට කමිසයක් සහ තොප්පියක් ලබාදීම සඳහා ඩිල්මා තේ සමාගම ඉදිරිපත් වී සිටින අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ උදෑසන ආහාරය ලබාදීමට පෙරේරා සහ පුත‍්‍රයෝ සමාගම ඉදිරිපත්වී සිටියි.

     

    ‘ඒඩෙක්ස්’ කී‍්‍රඩා උළෙලේ කී‍්‍රඩා උළෙලේ සංවිධායක මණ්ඩලයට අමතරව මියුසියස් විද්‍යාලයේ බාලදක්ෂිකාවෝ, කොළඹ වෛද්‍ය පීඨයේ සිසු සිසුවියෝද, ටෝල්මන් ටුවර්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයද කී‍්‍රඩා ඉසව් පැවැත්වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya