ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඔක්. 22දා සිට අනුරාධපුරයේ දී

    ඔක්තෝබර් 14, 2015

    ශී‍්‍ර ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 63 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය එළඹෙන ඔක්තෝබර් 22 වැනිදා සිට 27 වැනිදා දක්වා අනුරාධපුර නගරසභා ගෘහස්ත බැඩ්මින්ටන් කී‍්‍රඩාංගණයේදී සහ අනුරාධපුරයේම පිහිටි මයික් කුක් ගෘහස්ත බැඩ්මින්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

    මෙම තරගාවලියේදී බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ වයස් කාණ්ඩ සඳහා කේවල තරග පමණක් පැවැත්වෙන අතර 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා කේවල සහ යුගල තරග පැවැත්වේ.

     

    මෙහිදී විවෘත කාණ්ඩය සඳහා ප‍්‍රධාන අංශ 5 (පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගල, මිශ‍්‍ර යුගල) යටතේම තරග පැවැත්වෙන අතර අවුරුදු 35 ට වැඩි, 40 ට වැඩි, 50 ට වැඩි සහ 55 ට වැඩි ප‍්‍රවීනයන් සඳහාද කේවල සහ යුගල තරග පැවැත්වේ.

     

    මේ වසරේදී ජාතික තරගාවලිය සඳහා ප‍්‍රාදේශීය, කී‍්‍රඩා සමාජ සහ පාසල් ලෙස අලුතින් ශූරතා 3 ක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya