ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නේපාලයේ පළමු වරට කාන්තාවක් ජනපති පදවියට

    ඔක්තෝබර් 29, 2015

    නේපාලයේ නව ජනාධිපතිනිය ලෙස බිද්‍යා දේවි බන්දාරි මහත්මිය (Bidhya Devi Bhandari) එරට පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගෙන තිබේ. නේපාලයේ රාජ්‍ය නායක තනතුර හිමි කර ගත් පළමු කාන්තාව ද ඇය වෙයි.

    වසර හතකට පෙර නේපාලයේ රාජාණ්ඩුව අහෝසි කිරීමෙන් පසු ජනාධිපති ධුරයට පත්වූ දෙවැන්නා ඇයයි. නේපාලයේ ජනාධිපති ධුරය ගරු පදවියක් පමණි.

     

    54 හැවිරිදි ඇය දැනට නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ (එක්සත් මාක්ස්වාදී ලෙනින්වාදී) උප-සභාපතිනිය ලෙස ද කටයුතු කරයි. බන්දාරි මහත්මිය 2009 වසරේ සිට 2011 දක්වා එරට ආරක්ෂක ඇමති පදවිය ද හෙබවීය.

     

    නව ජනාධිපතිනිය ලෙස, ඇය නේපාලයේ සුළුතර ජාතීන් සහ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පොරොන්දු වී ඇත.

     

    මේ මාසය මුලදී, නේපාල පාර්ලිමේන්තුව විසින් එහි නව අගමැතිවරයා ලෙස, කේ.පී. ෂර්මා ඔලි මහතා තෝරා පත් කර ගන්නා ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya