ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රතිජීවක පිළිබඳ දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කෙරේ

    නොවැම්බර් 03, 2015

    ලෝක සෞඛ්‍ය සංවිධානය, 2015 නොවැම්බර් 16 සිට 22 දක්වා පළමුවරට ප්‍රතිජීවක පිළිබඳ දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කර ඇත.

    ප්‍රතිජීවක එසේත් නැත්නම් ප්‍රතිබැක්ටීරියක් යනු, බැක්ටීරියා වැඩීම ප්‍රතිෂේධ කරන හෝ බැක්ටීරියා මරා දමන හෝ කාරකයකි.

     

    ප්‍රතිජීවක ඖෂධ පිළිබඳ සාමාන්‍ය ජනතාවට, සෞඛ්‍ය සේවකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා කෘෂි කාර්මික අංශය දැනුවත් කිරීමට සහ ඒ ඒ අංශවල ප්‍රතිජීවක ඖෂධ උපරිම ප්‍රයෝජනවත් ලෙස නිවැරදිව භාවිතයටත් දැනුවත් කිරීමටත් මෙම සතිය ප්‍රකාශයට පත් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

     

    මීට අදාළව ‘සැලකිලිමත්ව ප්‍රතිජීවක හැසිරවීම‘ යන තේමාව යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය, බහු-වසරවැඩසටහනක් ද අරඹා ඇත. මෙම වැඩසටහන පළමු ලෝක වාර්ෂික ප්‍රතිජීවක දැනුවත් කිරීමේ සතියේ  තුළ ආරම්භ කිරීමට නියමිතය.

     

    ප්‍රතිජීවක අනිසි ලෙස හෝ පමණට වඩා භාවිත කිරීමෙන් බැක්ටීරියාවලට එරෙහි ප්‍රතිරෝධක ශක්තිය හීන වී සමහර බෝවන රෝග ප්‍රතිකාර කිරීමට අසීරු හෝ නොහැකි තත්වයට පත්වන බැවින් ප්‍රතිජීවක භාවිතයේ දී ඉතා සැලකිලිමත්ව වෛද්‍ය උපදෙස් මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගැනීමට ජනතාව වගබලා ගත යුතුයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya