රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (22) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ක්‍රීඩාව තුළ ඇති ගැටලු හඳුනාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා 10 දෙනෙකුගෙන් යුක්ත මණ්ඩලයක් ඉදිරියේ දී පත් කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අන්තර්ජාතික ඔලිම්ලිපික් කමිටුව සමඟ එක්ව පවතින ගැටලු නිරාකරණය කරගැනීමට කටයුතු කරන බවත්, ලබන වසරේ දී බැඩ්මින්ටන් ක්‍රීඩාව හා ජල ක්‍රීඩා සඳහා පවත්තා තහනම් ඉවත් කරගැනීමට ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ක්‍රීඩා නිලවරණ පැවැත්වීමේ දී තිදෙනෙකුගෙන් යුක්ත වූ වාර්ෂික කමිටුවක් පත්කොටගෙන එම කමිටුව ඔස්සේ ක්‍රීඩා නිලවරණ පැවැත්වීමට අවස්ථාව ලබදීමටත් කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.