ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ස්පාඤ්ඤය ශ්‍රී ලංකාව සමඟ දේශපාලනික හා ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගනී

    මැයි 30, 2014

    නොබැඳි ව්‍යාපාරයේ 17 වැනි අමාත්‍ය රැස්වීම අතරතුර දී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය මැනුවෙල් ගාර්සියා මාෆිල් (Mr. Manuel Garcia Marfil) මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක් පසුගිය බදාදා පැවැත්වී ය.

     

    ඇමැති පීරිස් මහතා සංවර්ධනය හා ප්‍රතිසන්ධානය පිළිබඳ විශේෂ අවධානය සහිත ව ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ ව තම සහකරුවා දැනුම්වත් කළේ ය. මේ හමුවේ දී වෙළෙඳාම, ආයෝජනය හා සංචාරක ව්‍යාපාරය යන මාතෘකා පිළිබඳ ව ද අමාත්‍යවරු සාකච්ඡා කළහ.

     
    නුදුරු අනාගතයේ කොළඹ තානාපති කාර්යාලයක් විවෘත කිරීමේ තම සැලැසුම් පිළිබඳ ව මාෆිල් ඇමැතිවරයා මහාචාර්ය පීරිස් මහතා දැනුම්වත් කළේ ය. විවිධ ක්ෂේත්‍රවල සැලැකිය යුතු තරම් බැඳීමක් ඇති කරගැනීම සම්බන්ධයෙන් මෙය කාලීන සංවර්ධනයෙකැ යි ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා පැවැසී ය.

     

    HC/dgitrans

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya