ශ්‍රී ලංකාවේ දරුවන් අතරින් ක්‍රීඩාවට සම්බන්ධ වන්‍නේ 25%කී. උසස් අධ්‍යාපනයට යොමු වන විට එම ප්‍රමාණය සියයට 8% ටත් වඩා අඩු මට්ටමකට පත්ව ඇතැයි හෙළිවී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස වැරදි ආහාර පුරුදු, මත්ද්‍රව්‍ය හා දුම්පානය ආදී හේතු මත බෝ නොවන රෝගවලට ගොදුරු වන ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ. අවුරුදු 65ට අඩු පුද්ගල මරණ වලින් 68%ක් බෝ නොවන රෝගවලින් සිදුවන මරණයි.
ඒ අනුව සමස්ත ප්‍රජාව තුළ ක්‍රීඩාව හා ශාරීරික සුවතාව ප්‍රචලිත කිරීමේ අරමුණින්, අදාළ අමාත්‍යංශ හා සියලුම පළාත් සභා එක්ව පහත සඳහන් පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
ජනවාරී 25 සඳුදා - රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්‍ෂේත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය
ජනවාරී 26 අඟහරුවාදා - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා මහාමාර්ග, යෞවන හා වනිතා කටයුතු ක්‍ෂේත්‍රවල ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය
ජනවාරී 27 බදාදා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය
ජනවාරී 28 බ්‍රහස්පතින්දා - ආරක්ෂක සේව හා පෞද්ගලික ව්‍යවසාය ක්‍ෂේත්‍රවල ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය
ජනවාරී 29 සිකුරාදා - ක්‍රීඩා සංවිධාන, ක්‍රීඩා සංගම් හා සම්මේලන සඳහා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය
ජනවාරී 30 සෙනසුරාදා - ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන විශේෂ දිනය