ක්‍රීඩා හා ශරීර සුවතා ජාතික සතිය නිමිත්තෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන අන්තර් රාජ්‍ය ආයතන සැහැල්ලු පන්දු සය සාමාජික සැහැල්ලු පන්දු කාන්තා හා පිරිමි ක්‍රිකට් තරඟාවලිය කොළඹ රාජකිය විද්‍යාලයීය ප්‍රාථමික අංශ ක්‍රීඩා පිටියේදී අද පෙ.ව 8.00 ට පැවැත්වේ.
මෙම තරඟාවලිය කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩා අංශය විසින් මෙහෙයවන අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ගීතාමනී කරුණාරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
AP/DMU-Colombo