ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලංකාව සමඟ අතුරු හෝ රහසිගත ගිවිසුම් නැහැ - IMF

    ජූනි 06, 2014

    ශී‍්‍ර ලංකාව සමඟ අතුරු ගිවිසුම් හෝ රහසිගත ගිවිසුම් නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මූල්‍ය අරමුදලේ ප‍්‍රකාශක ජෙරී රයිස් (Gerry Rice) මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ නිව් යෝර්ක් නුවර පැවැති මාධ්‍ය හමුවකදීය.


    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මන්තී‍්‍රවරයා සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියකු ජෙරී මහතාගෙන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කර ඇත.


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශී‍්‍ර ලංකාව අතර මේ වන විට ණය වැඩසටහනක් කි‍්‍රයාත්මක නොවන බවත් මූල්‍ය අරමුදලේ ප‍්‍රකාශක ජෙරී රයිස් මහතා සඳහන් කර ඇත.


    මූල්‍ය අරමුදල සහ ශී‍්‍ර ලංකාව අතර පැවති ණය වැඩසටහන 2012 වසරේ අපේ‍්‍රල් මාසයේදී අවසන් වු බව ඔහු අවධාරණ්‍ය කළේය. ලක්ෂ්මන් කිරිඇල්ල මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර තිබුණේ මෙරට සහනාධාර කපා හැරීම සඳහා මූල්‍ය අරමුදල අවබෝධතාවකට පැමිණ ඇති බවයි. කෙසේ නමුත් ශී‍්‍ර ලංකාව අතුරු එකඟතාවන් නොමැති බව මූල්‍ය අරමුදලේ ජෙරී රයිස් මහතා කියා සිටියේය.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya