ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ඔලිම්පික් දින සැමරුම මෙවර ගාල්ලේ දී

    ජූනි 06, 2016
    ජාතික ඔලිම්පික් දින සැමරුම මෙවර ගාල්ලේ දී පැවැත්වීමට නියමිතය. 
    මේ සඳහා සිදු කෙරුණු පුර්ව සාකච්ඡාවක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ඒ අනූව ජුනී මස 23 වැනි දින මෙම සැමරුම් උළෙල ගාල්ල ඓතිහාසික කොටුව තුළ පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
     
    මෙම වැඩසටහන සඳහා පාසල් දූ දරුවන් 1,000 ක් සහභාගීත්වයෙන් පා ගමනක් පැවැත්වීමටත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඔලිම්පික් වරම් ලද ක්‍රීඩක ක්‍රීඩිකවන් සහභාගී කරවා ගැනීමටත් අපේක්ෂිතය. එමෙන්ම මෙම වැඩසටහන ජාත්‍යන්තර අවධානයට ලක් වීමට නියමිත බැවින් ගාල්ලේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයත්, පාසල් දු දරුවන්ට ඔලිම්පික් ක්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳව දැනුවත් කිරීමටත් අපේක්ෂිතය. 
     
    මෙයට සමගාමීව පාසල් දු දරුවන් වෙනුවෙන්  චිත්‍ර හා කථික තරඟයක් ද පැවැත්වෙන අතර තුන්ප්‍රයාම ක්‍රීඩාව එදින මෙරටට හඳුන්වා දීමට ද නියමිත ය.
     
    මෙම සාකච්ඡාව සඳහා ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් නිලධාරීන් කිහිපදෙනෙක් ද සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya