ක්රීඩා අමාත්යංශය මෙහෙයවූ මෙම ජාතික මහා ක්රීඩා උළෙලේ ඇවිදීමේ තරඟයේ පිරිමි රන් පදක්කම උතුරු මැද පළාතේ ඊ. එම් .අයි. එස්. දුනුකාර දිනාගත් අතර කාන්තා රන් පදක්කම දකුණු පළාතේ දිනුෂා දිල්ශානි දිනාගැනීමට සමත්වූවාය.
පසුගියදා පාර්ලිමේන්තු ධාවන පථයේදී කිලෝමීටර 12 ක් දුරට පැවති මෙම ජාතික ඇවිදීමේ තරඟය සඳහා පළාත් මට්ටමින් සුදුසුකම් ලැබූ ක්රීඩකයන් 90 ක් ද ක්රීඩිකාවන් 54 ක් ද සහභාගී විය.
එමෙන්ම ඇවිදීමේ තරඟ කණ්ඩායම් පිරිමි ශූරතාවය වයඹ පළාතටද කාන්තා ශූරතාවය දකුණු පළාතටද හිමි විය.
AP