ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ජය

    ජූනි 25, 2014
    ඊයේ (24) අවසන් වූ  ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජය ලබා ගැනීමත් සමග වසර 32ක ටෙස්ට් තරගාවලි ඉතිහාසයේ, ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයේ දී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලෙස ඉතිහාස ගත විය. 1982දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ ශ්‍රී ලංකාව පළමුවරට එංගලන්තයේ සංචාරය කළේ 1984 දීය. 
    මෙවර ලීඩ්ස්හි හෙඩින්ග්ලි පිටියේ පැවැති දෙවැනි හා අවසන් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 100 ජයක් හිමිවිය. ඒ අනුව 1-0 ලෙස තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
     
    පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 257/10 රැස්කළ අතර, එයට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම ලකුණු 365/10 ක් රැස්කිරීමට සමත්විය. 
     
    ජයග්‍රහණය සඳහා ලකුණු 350 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම ඊයේ තරගය ඇරඹුවේ ලකුණු 57කට කඩුලු 5ක් දැවී තිබියදීය. එහෙත් දිනය ආරම්භයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙටි පන්දු යැවීමට යොමු වූ අතර, ‍ජෝ රූට් සහ මොයින්අලී මෙයින් ස්ථාවර වන්නට පටන් ගත්හ. නමුත් දිනයේ අවසන් භාගයේදී නැවතත් සුපුරුදු රිද්මයට අවතීර්ණවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිනය නිමාවීමට පන්දුවක් ඉතිරිව තිබියදී තරගය ජයගැනීමට සමත් වූහ.
     
    තරගයේ  වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලැබූ අතර, තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ වීරයා ලෙස ජේම්ස් ඇන්ඩර්සන් සම්මාන ලැබූ අතර තරගාවලියේ ශ්‍රී ලංකා වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලැබීය.  
     
    ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හෙට (26) මවුබිමට පැමිණීමට නියමිතය.
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya