2017 ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රිඩා උළෙලට විදේශීය ක්‍රිඩකයන් හා විශ්‍රාමික හමුදා නිලධාරීන්ද සහභාගී වීමට නියමිත බව ආරක්‍ෂක අමාත්‍යංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වූ අතර යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, සහ යුධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ නියෝජ්‍ය සභාපති බ්‍රිගේඩියර් රජිව් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















