ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    MH-17 යානයේ මළ සිරුරු පරීක්ෂණ කණ්ඩායම් වෙතට

    ජූලි 22, 2014

    MH-17 මැලේසියානු ගුවන් යානා අනතුරින් මරණයට පත් මගීන්ගේ මළසිරුරු තැන්පත් කර තිබූ අධිශීත කළ මැදිරිවලින් යුත් දුම්රිය ඊයේ (21) එහි සිට ටොරේස් (Torez) නගරයට ධාවනය කළ බව විදෙස් වාර්තා පවසයි.


    පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා යුක්රේනයට පැමිණි නෙදර්ලන්ත අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායම ද නැගෙනහිර යුක්‍රේනයේ යානය කඩා වැටුණු ස්ථානයේ සිට කිලෝ මීටර 15ක් පමණ දුරින් පිහිටි ටොරේස්  නගරයට පැමිණ ඇත.


    මැලේසියානු අගමැති නජීබ් රසාක් (Najib Razak) මැතිතුමා රුසියානු හිතවාදී බෙදුම්වාදී සටනක නිරත සටන්කරුවන්ගේ කණ්ඩායමේ නායකයා සමඟ ඇතිකර ගත් එකඟතාවකින් පසු ව අධිශීත දුම්රිය මැදිරිවල තැන්පත් කර ඇති මෘත ශරීර 282ක නෙදර්ලන්ත පරීක්ෂණ කණ්ඩායමට බාර දීමට පියවර ගත් බව විදෙස් වාර්තා පවසයි. මෙම අනතුරින් මියගිය බහුතරයක් නෙදර්ලන්ත ජාතිකයෝ වෙති.


    පසුගිය බ්‍රහස්පතින්දා MH-17 යානය අනතුරට ලක්වන විට එහි කාර්යමණ්ඩලය ඇතුළු ව 298 දෙනෙක් ගමන් කරමින් සිටියහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya