ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් ඇරඹේ

    ජූලි 24, 2014

    වසර 07ක සැලසුමකින් පසු ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර සෙල්ටික් පාක් හි දී ඊයේ රාත්‍රියේදී 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් ඇරඹුනි.

    40,000ක නරඹන්නන්ගෙන් සෙල්ටික් පාක් ක්‍රීඩංගණය පිරී ගි‍ය අතර එලිසෙබෙත් මහ රැජනගේ පැමිණීමත් සමග පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ විය.

     

    දින 11ක් පුරා රටවල් 71 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 පමණ හා ක්‍රීඩා 17ක් යටතේ ඉසව් 261 සමගින් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා ඔලිම්පික් පදක්කම්ලාභී ටොම් ඩලෙ, උසේන් බෝල්ට් හා මෝ ෆාරා ද තරග වදිති.

     

    ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 104ක් ක්‍රීඩා ඉසව් 14කට සහභාගීවීමට ග්ලාස්ගොව් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්ව සිටී. අද දින පිහිනුම්, ජූඩෝ, ස්කොෂ්, ටේබල් ටෙනිස් හා බර ඉසිලීමේ ඉසව්වලට මුල්ම පිරිස සහභාගි වීමට නියමිතය.

    MAP

    co ewalth opn02

    co ewalth opn03

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya