ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ක්‍රිඩකයන්ට අවශ්‍ය සියළු ආරක්ෂාව සපයනවා- ක්‍රීඩා අමාත්‍ය

    මැයි 03, 2019

    වර්තමානයේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය මත ක්‍රිඩකයන්ට අවශ්‍ය සියළු ආරක්ෂාව සපයන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ක්‍රිකට් ක්‍රිඩාවේ ගැටළු හා ක්‍රිඩා සංගම් සම්බන්ධ ගැටළු මෙන්ම ක්‍රිඩාවේ අනාගත සැළසුම් සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍යංශයේ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිණි.

    ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන තරග සඳහා මැයි මස 07 වන දින දිවයිනෙන් පිටත්වන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියළුම ආරක්ෂාව සළසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමකට අනුව මෙම
    ආරක්ෂාව ලබා දීමට තමන් කටයුතු කළ බවත් පැවසූ අමාත්‍යවරයා, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟද ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සකාච්ඡා කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.

    ක්‍රිඩකයන් 19ක් ඇතුළු 30ක පමණ කණ්ඩායමක් මෙම සංචාරය සඳහා පිටත් වීමට නියමිතය.

    ඉදිරියේදී ආරම්භ වීමට නියමිතව තිබූ පාසල් රගර් තරඟාවලියද එම විදුහල්වල විදුහල්පතිවරුන් සමඟ සාකච්ඡා කර දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගත් අතර අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය සියළු ආරක්ෂාව ලබා දීමට තමා සූදානම් බවද අමාත්‍යවරය මෙහිදී පැවසීය.

    තම රජය ක්‍රීඩාවේ දියුණුවට විශාල වැඩකොටසක් සිදු කල බවත් එළඹෙන ජුනි මාසයේදී ක්‍රිඩා සංකීර්ණ 06ක් විවෘත කිරිමට බලාපොරොත්තු වන බවත් නුවර එළියේ ඉහළ උන්නතාංශ ක්‍රිඩා සංකීර්ණයක් ඉදි කිරීමසඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවත් පැවසූ අමාත්‍යවරයා එය ආසියාවටම ඇති ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය වනු ඇති බවද සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලන්ද පෙරේරා මහතා පැවසුවේ ක්‍රීඩා සංගම් වල ක්‍රියාකාරිත්වය පිළිබඳව සෑහීමකට පත් නොවන බවයි. ඒවායෙහි අභ්‍යන්තර ගැටළු රාශියක් පවතින බවත් බොහොමයක් ක්‍රීඩා සංගම්
    එම ක්‍රීඩාවේ දියුණුවට කටයුතු නොකරන බවත් මෙම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍යංශ ලේකම් චූලන්ද පෙරේරා මහතා පැවසීය. තවද ක්‍රීඩාවේ සිදුවන වංචා දූෂණ වැලැක්වීම ඇතුළු කරුණු ගණනාවක් සඳහා ක්‍රීඩා පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද ලේකම්වරයා පැවසීය.

    සංහිඳියාව ඇති කර ගත හැකි හොඳම මාර්ගය ක්‍රීඩාව බව පැවසූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඉදිරියේදී ලාංකික ක්‍රීඩකයින් සියලු දෙනා එක් කොට රටට පණිවිඩයක් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya