ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    කුමාර් සංගක්කාර ලොව වැඩිම ද්විත්ව ශතකලාභීන්ගේ ලැයිස්තුවේ 2වන තැනට

    අගෝස්තු 09, 2014

    කුමාර් සංගක්කාර විසින් අද (09) තම 10 වන ද්විත්ව ශතකය ලබාගන්නා ලදී. ඒ පකිස්තානය සමඟ පවත්වන පළමු ටෙස්ට් ඉනිමේ හතරවෙනි දිනය වන අද (09) ගාල්ල ජාත්‍යන්තරක්‍රීඩාංගණයේදී ය.

    ඒ අනුව ලොව වැඩිම ද්විත්ව ශතකලාභීන්ගේ ලැයිස්තුවේ 2වන තැන ලබා ගැනීමට කුමාර් සංගක්කාර සමත් විය. ඔහුට ඉහළින් සිටින්නේ ද්විත්ව ශතක 12කට හිමිකම් කියන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පමණයි.

     

     

    පළමු ටෙස්ට් ඉනිමේ තුනවෙනි දිනය වන ඊයේ (08) ඔහු තම 37වන ටෙස්ට් ශතකයද වාර්තා කළේය. මෙය පකිස්තානය සමඟ තරග කර සංගක්කාර විසින් ලබාගන්නා ලද 10 වන ශතකයද වේ. වසරක් තුළ වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස් කළ ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසද සංගක්කාර වාර්තා අතරට එක් විය.

     

     

    මෙම තරගයේදී මහේල ජයවර්ධන විසින් තම 49 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තාකරන ලදී. කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඔවුන්ගේ 18 වන හවුල් ටෙස්ට් ශතකයද මෙම තරගයේදී ලබා ගැනීම සුවිශේෂී අවස්ථාවක් විය. රාහුල් ඩ්‍රාවිඩ් හා සචින් තෙන්ඩුල්කාර් විසින් තබා ඇති 20වන හවුල් ටෙස්ට් ශතකයේ වාර්තාවට පිවිසීමට මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ඇත්තේ තව හවුල් ටෙස්ට් ශතක 2ක් ලබා ගැනීම පමණි.

     

     

    අද (09) දිනය තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුළු 2ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියේය. සංගක්කාර ලකුණු 221ක් රැස් කළ අතර අද දින ඔහුගේ ඉනිම හතරේ පහර 24කින් වර්ණවත් විය. මහේල ලකුණු 59කට දැවී යද්දී පිටියට පිවිසි නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 91ක් රැස් කළේය. පසුගිය මාස 8ක කාලය තුළ නායක මැතිව්ස් පකිස්තානය හමුවේ ලකුණු 91කට දැවී ගිය තුන්වන අවස්ථාවද මෙය වේ.

     

     

    ශ්‍රී ලංකාව අද දින තම පළමු ඉනිම අත්හිටවන විට කඩුළු 9කට ලකුණු 533 ක් රැස් කර සිටියේය. පළමු ඉනිම අවසානයේ ලකුණු 451ක් රැස් කර සිටි පකිස්තානු පිල විසින් තම දෙවන ඉනිම අද ආරම්භ කරන ලදී. අද දිනය අවසානයේ තරගය නතර කරන විට පකිස්තානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටියි.

     


    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya