ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ආසියානු තරුණ වොලිබෝල් තරගාවලිය සඳහා සියල්ල සූදානම්

    සැප්තැම්බර් 04, 2014
    හෙට (05) ඇරඹෙන දසවෙනි ආසියානු තරුණ වොලිබෝල් තරගාවලිය සඳහා සියල්ල සූදානම් බව, එහි තරග කමිටු සභාපති හා මාධ්‍ය කමිටු ප්‍රධානී, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති, මෙන්ම සබරගමුව පළාත් සභා සභාපති, කංචන ජයරත්න මහතා ප්‍රකාශ කරයි.
     
    ජයරත්න මහතා පෙන්වා දෙන්නේ, තරගය සඳහා සහභාගීවන රටවල් 14 නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් සියල්ල මේ වනවිට දිවයිනට පැමිණ සිටින බවයි. 
     
    ඊට අමතරව ආසියානු වොලිබෝල් සම්මේලනයේ තාක්ෂණික ඇගයුම් කණ්ඩායමත්, ජාත්‍යන්තර තරග විනිසුරු මඬුල්ලත්, මේ වන විට දිවයිනට පැමිණ සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.
     
    මේ වන විට කණ්ඩායම් සියල්ල සිය පුහුණුවීම් කටයුතුවල නියැළෙන බව, දසවෙනි ආසියානු වොලිබෝල් තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබඳ ව සොයා බැලීම සඳහා, අද (04) උදෑසන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ, කංචන ජයරත්න මහතා  පවසයි. තරගාවලියේ මුල්ම තාක්ෂණික කමිටු රැස්වීම අද පස්වරුවේ මීගමුව, Full Moon Garden හෝටලයේදී පැවැත්වීමට නියමිත බවද හෙතෙම පැවසීය.
     
    කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දසවෙනි ආසියානු තරුණ වොලිබෝල් තරගාවලියේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන බව කංචන ජයරත්න මහතා සඳහන් කරයි. දිවයිනට පැමිණ සිටින විදෙස් වොලිබෝල් කණ්ඩායම්වල ආරක්ෂාව ද තහවුරු කර තිබේ.
     
    දසවෙනි ආසියානු තරුණ වොලිබෝල් තරගාවලියේ සමාරම්භක අවස්ථාව හෙට (05) පෙරවරු 9.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.
     
    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාරම්භක අවස්ථාවට, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, සම්මේලනයේ උප සභාපති, සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න, ආසියා වොලිබෝල් සම්මේලනයේ නියෝජිතවරු, තරග කණ්ඩායම් නායකවරු, ක්‍රීඩාලෝලීහු ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya