ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    අයර්ලන්තය සමඟ T20 තරඟාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

    අගෝස්තු 14, 2024

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා පිළ සහ අයර්ලන්ත කාන්තා පිළ අතර ඊයේ(13) පැවති දෙවන විස්සයි-20 තරඟය ලකුණු 7කින් ජය ගැනීමට අයර්ලන්තය සමත් විය.

    කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 173ක් රැස් කළේය. අයර්ලන්තය වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ Gaby Lewis පන්දු 75 කින් ලකුණු 119ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහරවල් 17ක් ද සමගිනි.

    පන්දු යැවීමේදී අචිනි කුලසූරිය සහ ශෂිනි ගිම්හානි එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්ත පිළට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණි. ඒ අනුව තරඟයේ ජය ලකුණු 7කින් හිමිකර ගැනීමට අයර්ලන්ත කාන්තා පිළට හැකි විය. පන්දුවට පහරදීමේදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 65ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් ද සමගිනි. කවීෂා දිල්හාරි ද නොදැවී ලකුණු 51 රැස් කිරීමට සමත් විය.

    ඒ අනුව තරඟ 2කින් යුත් විස්සයි-20 තරඟාවලිය 1-1ක් සම තත්ත්වයෙන් ලෙස අවසන් විය. දෙවන තරඟයේ මෙන්ම තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අයර්ලන්ත ක්‍රීඩිකා Gaby Lewis නම් කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya