ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට අභියෝගයක්

    නොවැම්බර් 29, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 42 ක් පමණි. එය ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා වෙයි.

    පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 13 ක් හා ළහිරු කුමාර ලකුණු 10 ක් ලබාගත් අතර අනෙකුත් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 5 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි විය. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් Marco Jansen කඩුලු 7 ක් හා Gerald Coetzee කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    දෙවන දිනට ඊයේ(28) තරගය නතර කරන විට සිය දෙවන ඉනිමට පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා සිටී. ඒ අනුව මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් පසුවනවා.

    දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත්තේය. පන්දුවට පහරදීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් නායක Temba Bavuma ලකුණු 70 ක් හා Keshav Maharaj ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් ,විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැඟින් බිඳ දැමීමට සමත් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya