යහපත් කාලියක,මානසික සමාජීය සෞඛ්‍යය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරිම මෙහි ප්‍රධාන අරමුණ වන අතර,පෙර නොවු විරූ ආකාරයට ප්‍රදර්ශන කුටි සංවිධානය කර ඇතැයි එහි සංවිධායක මණ්ඩලය පවසයි.
හෘදය සහ රුධිර සංසරණය,ශ්වසනය,ආහාර මාර්ග,වකුගඩු ,ප්‍රජනක,අන්තරාසර්ග සහ මධ්‍ය ස්නායු යන අවයව පද්ධති මෙන්ම මත්ද්‍රව්‍ය අවභාවිතය, රුධිරගත රෝග, පිළිකා,බෝවන රෝග,හා පාලන වැඩසටහන්,ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ජාන විකෘති,විකලාංග සහ හදිසි අනතුරු,විෂ විද්‍යාත්මක තොරතුරු,පවුල් වෛද්‍ය විද්‍යාව සහ ආසාත්මිකතා පිළිබඳව ද ප්‍රදර්ශනය කෙරේ.
ශ්‍රි ජයවර්ධන විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය 1993 වර්ෂයේ ආරම්භ වි අතර වෛද්‍ය විද්‍යා උපාධියට අමතරව(MBBS) මානව ජීව විද්‍යාව,හෙද විද්‍යාව,ඖෂධවේදය සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාව යන උපාධිය ද පිරිනමනු ලබයි