මාර්ග රිය අනතුරුවලට ගොදුරු වූවන් සිහිපත් කිරීමේ වින්ධිතයන්ගේ දිනය ප්‍රථම වතාවට 1993 වර්ෂයේදී එක්සත් රාජධානියේදී පවත් වන ලද අතර එතැන් පටන් මාර්ග රිය අනතුර වලට ගොදුරු වූවන් වෙත අවධානය යොමු කරනු පිණිසත් මෙවැනි සිද්ධීන්වල චිත්තානුවේගී සහ ප්‍රායෝගික ප්‍රතිවිපාක මැඩ පැවැත්වීම සදහා වෙර දරන ඔවුනගේ ආදරණීයයන් වෙත අවස්ථාවක් ලබා දීමත් හේතු කොටගෙන ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක විසිරී පවතින රාජ්‍ය නොවන සංවිධාන මගින් මෙවැනි දිනයක් සංවිධානය කරන්නට යෙදුණි.
වර්ෂ 2005 ඔක්තෝබර් 26 වෙනි දින එක්සත් ජාතීන් විසින් මේ සදහා සම්මුතියක් ඇති කරගත් අතර එමගින් සෑම වර්ෂයකම නොවැම්බර් තෙවෙනි ඉරිදා දිනය, මාර්ග රිය අනතුරුවලට ගොදුරු වූවන් සිහිපත් කිරීම අරමුණු කොටගත් ජාත්‍යන්තර වින්දිතයන්ගේ දිනය සැමරීම පිණිස රාජ්‍යයන් වෙත ඇරයුම් කරනු ලබයි. මෙබඳු දිනයක් සැමරීම තුළින් මාර්ග රිය අනතුරු , ඒවාගේ ප්‍රතිවිපාක සහ වියදම් මෙන්ම මෙවැනි අනතුරු වැළක්වීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳත් මහජනයාගේ අවධානය යොමු කරලීමේ අවස්ථාව සැලසෙනු ඇත. එපමණක්ද නොව මෙබඳු දිනයක් සැමරීම තුළින් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් වෙත පැවරී ඇති වගකීම පිළිබඳ රජය සහ මහජනයා වෙත සිහිපත් කිරීමේ අවස්ථාවක්ද සැලසේ.
මාර්ග අනතුරු පිළිබඳ මහජන ආවර්ජනය තුළින් වින්ධිතයන්ට තමන්ට සිදුවූයේ කුමක්ද යන්න සිහිපත් කිරීමෙන් සැලසෙන ප්‍රතිලාභයක් නොමැත. මහජන ආවර්ජනාව යනු එකී සංජානනය ක්‍රියාවට නැගීමයි. මනුෂ්‍යත්වයට වටිනාකමක් එක් කරමින් වින්ධිතයන් සහ ඔවුනගේ හානි අප සැමගේ හානීන් ලෙස දැකීමත් සහ ඔවුනගේ දුක් වේදනා බෙදා හදා ගැනීමත් මත එකී සිදුවීම්හි ශෝකාන්තය සහ දෝෂය හඳුනාගැනීමත් මෙ තුළින් විද්‍යාමන කෙරේ. (සමුලඝාතන අනුස්මරණ දිනය පොත්පිංච 2007)
අප සැවොම දන්නා පරිදි මාර්ග අනතුරු කිසිවිටෙකත් ප්‍රීතිමත් මතකයන් නොවේ. විශේෂයෙන්ම මාර්ග අනතුරු වින්දිතයන් සහ ඔවුනගේ පවුල්වල අය සම්බන්ධයෙන් මෙය සත්‍ය වනු ඇත. මාර්ග අනතුරු වින්දිතයන් හෝ ඔවුනගේ දුක්ඛිත පවුල්වලට තමන් මුහුණදුන් බිහිසුණු අත්දැකීම් යළි යළිත් මතක් කර දීම අවශ්‍ය නො වේ. මෙවැනි දිනයක් පැවැත්වීම තුළින් අප බලාපොරොත්තු වනුයේ මියගිය අයට ගෞරවය පුද කිරීමත් ඒ පිළිබඳ සමාජයට ඒත්තු ගැන්වීමත්ය. මාර්ග අනතුරු පිළිබද දැනුවත් බව මේ අයුරින් අප රට තුළ ඉහළ නැංවෙනු බව අපගේ විශ්වාසයයි.
පවුලක එකම අදායම් උපයන්නා හදිසියේ මෙලෙස මියයාම හෝ සදාකාලික ආබාධිත තත්වයට පත්වීම තුළින් එම පවුල පත්වන ව්‍යාකූලත්වය පිළිබඳ ව මොහොතක් සිතන්න. කිසිදු වන්දි ප්‍රදානයක් හරහා ඔවුන් ඇද වැටුණ ප්‍රපාතයෙන් ගොඩගත නොහැකිය. ඔවුනගේ උදුන් තුළ ප්‍රීතියේ ගිනිදළු යළි ඇවිලවීමට කිසිවකුටවත් නොහැකි වනු ඇත. ඔවුනගේ පසුබෑම සහ ආපදාව යළි ගොඩ නැගීමකික් බොහෝ ඈත් වී ගොසිනි. සුළු මොහොතක අත් වැරද්දක් බොහෝ දෙනෙකුට වසර ගණනාවකට බලපෑම් ඇති කරන ව්‍යසනයක් බවට පත් වනු ඇත. එබැවින් රිය පදවන අතරතුරේ වේගය වැඩි කිරීමේදී හෝ මාර්ගයෙන් මොහොතකට අවධානය ගිලිහී යාමට ප්‍රථම වගකිව යුතු පුරවැසියන් ලෙස මෙන්ම තව දුරටත් මනුෂ්‍යයන් ලෙස නැවතත් මොහොතකට සිතිය යුතුය. මන්ද යත් අපගේ ජීවිත පමණක් නොව අන් අයගේ ජීවිතයද මෙමගින් අවදානමට පත් වන බැවිනි.
දශක තුනක් පුරාවට උඩු දුවන ලද කුරිරු යුද්ධයෙන් අහිමි කරන ලද සිංහල හෝ දෙමළ හෝ වන අවිහිංසක මිනිස් ජීවිත පිළිබද අප පුර්ණ වශයෙන් දැනුවත් නමුදු පසුගිය දශක තුනක කාලසීමාව තුළ මාර්ග අනතුරුවලින් අහිමි වූ ජීවිත සංඛාව ඉහත ජීවිත හානි සංඛාවේ තෙගුණයද ඉක්මවා ගොස් ඇති බව පිළිබඳ ඔබ දැනුවත්ද? මෙහි සත්‍යය නම් මෙම දුක්ඛිත යථාර්ථයත් සමග අපට ජීවත් වන්නට සිදු වීමය. මාර්ග අනතුරු ජීවිතයේ කොටසක් ලෙස සිටීමට අප පෙළඹී තිබේ; පුවත්පත්, රුපවාහිනී, ගුවන්විදුලිය ආදී මාධ්‍ය මාර්ග අනතුරු හා සම්බන්ධ පුවත්වලින් ගහනය. නමුත් මාර්ග අනතුරු වළක්වා ගත හැකි බවට අප කිසි විටෙකත් නොසිතුවෙමු. එක්සත් රාජධානිය, ස්වීඩනය, නොර්වේ, ජර්මනිය වැනි සංවර්ධිත රටවල් මාර්ග අනතුරු අවම කිරීමේ ක්‍රමවේදයක් දැනටමත් ගොඩනගා තිබේ. එමගින් ඔවුනට පසුගිය දශකය තුළ කැපී පෙනෙන අයුරින් මාර්ග අනතුරු අවම කිරීමට හැකි වී තිබේ.
සාමාන්‍යයෙන් අප සහජයෙන්ම කීමට හුරු වී ඇත්තේ ඔවුන් සංවර්ධිත බවත් අප සංවර්ධනය වෙමින් පවතින බවත්ය. හොදයි එසේනම් ඉතියෝපියාව සහ වියට්නාමය ගැන පවසන්නට ඇත්තේ කුමක්ද? මෙම රටවල් දෙකේ දළ දේශීය නිෂ්පාදනය (GDP), අප රටේ අගයට වඩා මදක් අඩු අගයක් ගත්තද පසුගිය වසර 4 – 5 කාලය තුළ මාර්ග අනතුරු සාර්ථක ලෙස අවම කිරීමට ඔවුන් සමත් වී තිබේ. එසේනම් යථාර්ථයෙන් ඔබ්බට වී පැවති අභිමතාර්ථයක් ඔවුන් සාක්ෂාත් කර ගත්තේ කෙසේද? ඔවුන් ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ගොඩ නගන ලදී. එසේනම් සංවර්ධිත ලේබලය ලබා ගන්නා තෙක් අන්ධයන් මෙන් අපි බලා සිටිමු ද? නොඑසේනම් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරමුද?
අප රට වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් අනුමාන වශයෙන් මාර්ග අනතුරු හඳුනාගනු ලබන්නේ සමාජයේ යහපතට එල්ල වන බලවත් තර්ජනයක් ලෙසටයි. මෙය වසර ගණනාවක් තිස්සේ අප විසින් කරමින් පවතින ඓතිහාසික වැරැද්දකි. මෙම සුවිශේෂී කාරණාව පිළිබඳ අපගේ ඇස් විවර විය යුතු අතර මෙම උවදුර පිටු දැකීමට දායක විය යුතුය. මන්ද යත් සැවොම එක් වීමෙන් ලබා ගත හැකි දේ බොහෝමයක් වන බැවිනි.
උදාහරණයක් වශයෙන් ගත් කළ වර්ණභේද වාදය යනු මිනිසා විසින් නිර්මාණය කළ ප්‍රමාද දෝෂයක් වුවත් එය සාර්ථකව අහෝසි කරමින් ලෝකය නැමැති පදික වේදිකාවේ සැවොම එකා මෙන් නැගී සිටියෙමු. බොහොමයක් දෙනා භීතියෙන් මුසපත් කළ වසංගතයක් වූ වසූරිය නම් රෝගය ලෝකයෙන් තුරන් කොට තිබේ. පසුගිය බියකරු යුගය අද සාමයෙන් පිරී තිබේ. මුළු මානව සංහතිය ම එකා මෙන් එක් ව නැගී සිටීම මෙම වෙනසට හේතු විය.
මෙලෙසින් ගත් කළ මාර්ග අනතුරු මුලිනුපුටා දැමීම කළ නොහැකිය යන්න වෙනුවට කළ හැකි බව පෙනී යයි. 2014 නොවැම්බර් 16 වෙනි දින මේ සම්බන්ධව අවධානයෙන් සිටින මෙන් අපි අපේ ජාතියෙන් ඉල්ලා සිටිමු. සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ වේවා මාර්ග අනතුරුවලින් ජීවිතය අහිමි වීම යනු නිකරුණේ සිදුවන ජීවිත හානියකි. එබැවින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වශයෙන් මා විශ්වාස කරනුයේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විසිරී සිටින අපගේ සියලුම සහෝදර සහෝදරියන්ගේ ජිවිත ආරක්ෂාව අපගේ වගකීම බවය.
එබැවින් මෙම නොපෙනෙන ව්‍යසනයට වෙනසක් ඇති කිරීමට කැමැත්තෙන් පසුවන සියලු දෙනා ගෙන් මා ඉල්ලා සිටිනුයේ නොවැම්බර් 16 වන දින නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පස්වරු 6.00 ට පැවැත්වෙන කඳවුරට එක් වීම පිණිස අප හා අත්වැල් බැඳ ගන්නා ලෙසයි.
මෙම අවස්ථාවට සහභාගී වන මාර්ග අනතුරුවලින් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනුයේ මේ සඳහා පැමිණෙන විට මියගිය අයගේ ඡායාරූපයක් රැගෙන එන ලෙසයි. අනතුරුවලින් තුවාල ලත් අයටද මේ සඳහා සහභාගී වන මෙන් ඉල්ලා සිටිමු.