ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
පසුගිය වසරේ කසළ කළමනාකරණ ව්‍යාපෘති 127ක් වෙනුවෙන් රුපියල් මිලියන 1435 ක මුදලක් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වැය කර තිබේ.
කොව්ඩ් ව්‍යසනයේ දී ශ්‍රී ලංකාව නිසි කළමණාකරණයකින් යුතුව එය මනාව පාලනය කර ගැනීමට සමත්ව ඇතැයි ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන්ජින් ජියිඕං (Woonjin Jeong) මහතා පැවසීය.
නව ස්ථිර පත්වීම් ලැබූ උපාධීධාරී අභ්‍යාසලාභීන් අතුරින් ගුරු සේවය සේවයට කැමති පිරිස් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, සුදුසුකම් සපුරා ඇති ඉගැන්වීමට හැකි පිරිසට ඒ සඳහා අවස්ථාව ඇති බවත්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.