ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය.
වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලය පිළිබඳව උද්ගතව ඇති ගැටලුවට සියලු පාර්ශව එකඟතාවෙන් තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
“බුදුපුත් මාපිය හරසර” සහ “බුදුපුත් හරසර පූජා” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (04) දින බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැත්විණි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්පාදිත “ජනපති ආලෝචනය” ග්‍රන්ථය (04) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.