කොවිඩ් අභියෝගය සහ විපක්ෂය විසින් හිතාමතා ඇතිකරන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් රජය ජනතාව වෙනුවෙන් සැලකිය යුතු සහනාධාර ප්‍රමාණයක් ලබාදීමේ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරමින් රටේ ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
සත්‍ය තොරතුරු හා දත්ත මත පදනම්ව කරන ඕනෑම විවේචනයක් පිළිගැනීමට ආණ්ඩුව සූදානම් බවත්, භාෂණයේ නිදහස සීමා කිරීමට කටයුතු නොකරන බවත්, යම් අයුරකින් භාෂණයේ නිදහස සීමා කිරීමට කටයුතු කර ඇත්නම් එය ආරක්ෂා කිරීම සිය වගකීම බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදී ඇතැයි යන ප්‍රචාරය අසත්‍යයක් බවත්, වත්මන් ආණ්ඩුව සිදුකරනු ලැබුවේ ඉන්දියාවට ලබා දී ඇති තෙල් ටැංකි නැවත ලබාගැනීමට කටයුතු කිරීම බවත්, ටැංකි 14ක්
හැරෙන්නට අනෙකුත් සියලු ටැංකි 85ක පාලනය වත්මන් ආණ්ඩුව මගින් මෙරටට ලබා දුන් බවත් සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසයි.