අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළ සීමාව තුළ දී බාහිර පාර්ශවයකට ඇතුළුවීම තහනම් කර තිබේ.
රටක ආර්ථිකයට සෘජු ව ම බලපාන වාණිජ හා ව්‍යාපාර අධ්‍යයන විෂයන් හදාරන සිසුන් ඉදිරියේ දී ඒ විෂය දැනුම පිළිබඳ න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ව වෘත්තීය වශයෙන් භාවිතයට ගැනෙන බැංකු වැනි ආයතනවලට ගොස් සෛද්ධාන්තික විෂය දැනුමේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ විෂයගෝචර අද්දැකීම් ලබා ගත යුතු යැයි තමන් යෝජනා කරන බවත් ඒ සඳහා අවශ්‍ය ලිඛිත අවසරය චක්‍රලේඛනයක් මාර්ගයෙන් ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
සමාජ සහනාධාරය ප්‍රතිලාභ යටතේ දිළිඳු සහනාධාරය ලබන පවුල් වල දරු දැරියන් සඳහා , සිසු සැරිය බස් සේවාවේ නොමිලේ ගමන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව කැබිනට් ප්‍රකාශක,ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පවතින තත්වයෙන් රට ගොඩ ඒමට නම්,සැමට පිළිගත හැකි නීතිමය රාමුවක් සෑම ක්ෂේත්‍රයක් සඳහා අවශ්‍ය වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.