පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාත්‍යන්තර පරිසර දිනය ජුනි මස 5වැනිදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත පැමිණ නැගෙනහිර පළාතේ පදිංචි ජනතාවට හා පළාතේ සෙසු ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු විසදීම සදහා 2023 මැයි මස 26 සහ 27 දෙදින පැවැත්වූ විශේෂ ජංගම සේවයේ පළමු දින වැඩ සටහන  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී (26) දින පැවත්විණි.

    පුරාවිද්‍යා සාධක යනු ජාතියකට හෝ ආගමකට අයත් දෙයක් නොවන අතර එය මුළු රටටම පමණක් නොව ලෝකයටම අයිති සම්පත් බවත් අපේ රටේ ගමන් මග පිළිබඳ ඉතිහාසය එමඟින් පිළිබිඹු කරන බවත් ජාති ආගම් බැහැර කොට මිනිසුන් ලෙස එකිනෙකා අතර අවබෝධයක් ගෞරවයක් ඇතිව, අපි සියළු දෙනාම එකට එක් වී කටයුතු කළ හැකි නම් එය රට වෙනුවෙන් ගත හැකි වටිනා තීරණයක් බව බුද්ධ ශාසන,ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය ඉහළ නැංවීමත්, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමත් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ රටවිරු සුබ සේවා සහ දැනුවත් කිරීමේ වැඩසටහන ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් පසුගියදා ( 26 ) දින ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya