හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
දේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25) උදෑසන ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )
මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.
වියට්නාමයේ හැනෝයි නුවරදී අගෝස්තු මස 27-28 දෙදින තුළ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 25 වන දා (අද ) වියට්නාමය බලා පිටත් වීමට නියමිතය.
ඉදිකිරීම් ප්‍රදර්ශනය - 2018, සමාරම්භක උත්සවය ඊයේ (24) සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.