අප්‍රේල් 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිකිණි පුර පසළොස්වක ‍පොහොය දිනය අදට (25)යෙදී ඇත.

    ගොවි ජන ජීවිත සමග ගැටගැසුණු දුක්ඛිත කතාවන් අවසන් කරමින් ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීම උදෙසා පුළුල් වැඩකොටසක් අද ඉටු වෙමින් පවතින බව ජනාධිපතිතුමා පවසයි.

    පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද (2018.08.24) දින විවාදයට ගනු ලැබූ අතර, ඒ සඳහා සභාවේ අනුමැතිය නොලද හෙයින් ව්‍යවස්ථානුකූලව කථානායකවරයා විසින් පනතේ 4(12) වගන්තිය අනුව පියවර ගනු ලැබිය යුතුය. මේ කරුණ ගැන අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    කථානායකවරයාගේ මතය වූයේ කිසිම හේතුවකින් පළාත් සභා මැතිවරණය කල් නොදැමිය යුතු බවයි. පක්ෂ නායකයින්ට අමතරව කථානායකවරයා විසින් මැතිවරණ කොමිසම් සභාපති හා සීමා නිර්ණ කොමිසම් සභාපතිවරුන් සමගද ඉක්මන් මැතිවරණයක් සඳහා දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගන්නා ලදී.

    කථානායකවරයා විසින් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නම් කරන කමිටුව අදාල නිර්දේශ ඔක්තෝබර් මැද වන විට ලබා දෙන්නේ නම්, 2018 ජනවාරි මස පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට අදාල පාර්ශව එකඟ වී ඇත.

    ඒ අනුව පක්ෂ නියෝජිතයින්ගේද එකඟත්වයෙන් පංච පුද්ගල කමිටුව කථානායකවරයා විසින් ඉදිරි දින කීපය තුළ නම් කරනු ඇත. අග්‍රාමාත්‍යවරයාට අමතරව පත් කරනු ලබන අනෙක් සාමාජිකයන් දේශපාලඥයන් නොවන අදාල ‍ ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති බුද්ධිමතුන් වනු ඇත.

    නියමිත කාලයේදී ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවටද කථානායකවරයා මෙහි දී අවධාරණය කලේය..

    කථානායක මාධ්‍ය අංශය

    2018.08.24

     

    පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව අද (24) පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya