කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහා සටනේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් හිමිකර ගත් අතර එම ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (18) පස්වරුවේ පැවැත්විණි.
වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට වී වගාවට අවශ්‍ය මඩ පොහොර ( TSP)මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් MV INCE PACIFIC නෞකාව ඊයේ (16) කොළඹ වරායට පැමිණ තිබේ.
2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයෝ 1678ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව යති.
සරසවි වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා පොලී රහිතව රුපියල් ලක්ෂ 11ක ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත්, එම මුදල නැවත ගෙවිය යුතු වන්නේ රැකියාවක් ලැබීමෙන් පසු බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.